බැරල් සංඛ මත්කුඩු සමඟ පෑලියගොඩදී කොටුවේ


 

(ඉන්දිකා රාමනායක)

පාතාල සමාජිකයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන බැරල් සංඛ නැමැත්තා අද (13) අලුයම මත්කුඩු තොගයක් සමඟ පෑලියගොඩ මිරිස්වත්ත පාරේ විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකායේ වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය පාතාල සමාජිකයකු වු  දඩල්ලගේ මංජු නැමැත්තාට මීට පෙර පෑලියගොඩ ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බැරල් සංඛ නැමැති මොහු  අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේ සිට මෑතකදී ඇප මත පැමිණි අයෙක් බවද පැවසේ.

මත්කුඩු තොගයක්  බෙදා හැරීමට යමින් සිටියදී ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට පත්ව තිබුණි.