බැඳුම්කරේට සැකකරන මන්ත්‍රීවරුන් ඉවත් කරන්නැයි ඉල්ලයි



 
සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
 
 
බැඳුම්කර සිද්ධියේ සැකයට භාජනය වී සිටින සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටු වලින් ඉවත් කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.


නානායක්කාර මහතා වෙත ඉල්ලීම කළේ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තා පිළිබඳ විවාදයේදීය.


එහිදී නානයක්කාර මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.


‘‘මහ බැංකු සොරකම දැන් ලෝක ප්‍රසිද්ධයි. මේ සිද්ධියේ සැකයට භාජනය වී ඇති සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටු වලින් ඉවත් විය යුතුයි. කතානායකතුමා ඒ දැනුම් දීම කරාවි කියලා මා බලාපොරොත්තු වෙනවා.