(බිඟුන් මේනක ගමගේ)
බැඳුම්කර ජනපති කොමිසමේ නිර්දේශ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සතියකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පවත්වන්නේ යැයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභා පනත සංශෝධනයට ලක්කරමින් මෙම ක්‍රියාවලිය කඩිනම් කෙරෙන්නේ යැයි ද ජනාධිපති කාර්යාලයේ අද (29) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දු තීරණ ගනු ලැබී යැයි ද නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසයි.
ජනපති කොමිසමේ නිර්දේශ මත ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සැලසුමක් සකස් කරමින් සිටින්නේ යැයි මෙහිදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අදහස් පළ කර ඇත.
නීතිපති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් අධ්‍යක්ෂ ජනරාල්, මහ බැංකු අධිපති මෙම හමුවේදී දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

