(විනීතා එම් ගමගේ)
බැඳුම්කර කොමිසමේ සියලූ කටයුතු නියාමනය කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව මඟින් වන බැවින් වගඋත්තරකරුවන්ට එරෙහිව නඩු පැවැරීම කල් ගත කළ යුතු නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රම ජයන්ත මහතා ප‍්‍රකාශ කළේය.
සාක්ෂි ගත්තේ, ඒවා සම්පිණ්ඩනය කළේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් වන බැවින් නඩු පැවරීම එතරම් අපහසු නොවන බව ද හෙතෙම කියා සිටියේය.
නඩු පැවරීමේ දී යම් නීති සංශෝධනයක් අවශ්‍ය වේ නම් එය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට කල් ගත නොවනු ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය.
සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (5) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘‘මේ වාර්තාවේ ඇමුණුම් දහසකට වඩා තිබෙනවා. ඒ නිසා මේකට කාලය ගත කළ යුතු නැහැ. සියලූ කටයුතු සම්පාදනය වී ඇති බැවින් ඉක්මනින්ම චෝදනා පත‍්‍ර භාරදිය හැකියි.
පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු පවා මේ ගැන උනන්දුයි. මේ ගැන නීති සම්පාදනය කරගන්න අවශ්‍ය වෙනවා නම් ඉතා ඉක්මණින් හා පහසුවෙන් එයත් කරගන්න පුළුවන්.
හිටපු මහ බැංකු අධිපති ලංකාවට ගෙනාවේ ජනාධිපතිතුමා නොවෙයි. පත් කළේ හෝ රැක්කේ ජනාධිපතිතුමා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවෙයි. ඔහුට විරුද්ධව නඩු පවරන එක වළක්වන්න උත්සාහ ගත්තේ ජනාධිපතිතුමා නොවෙයි.

