බැඳුම්කර ⁣ජනාධිපති කොමිසමට දුන් ඩී.වී.ඩී. විකෘති කරලා


නිමන්ති රණසිංහ
 
බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කිරිම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් එම කොමිසමට ලබාදී තිබු ඩීවීඩී තැටි විකෘති කර ඇතැම් සංවාද  මකා දමා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණි ගීයාගම මෙනවිය අද (29) අධිකරණයට පැවසුවාය.


කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ සිද්ධියට අදාළ මෝසමක් මගින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය කරුණු සඳහන් කරමින් ඉදිරිපත් කළේ මෙම වරද කසුන් පලිසේන, නුවන් තිළිණ සල්ගාදු, සචිත්‍ර දේවතන්ත්‍රී යන විසින් සිදු කර ඇත්තේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ගේ අනුබලය ඇතුළු බව සඳහන් කළාය.


ඒ අනුව මකා දමා ඇති ඩීවීඩී තැටි 4 ක් සහ පරිගණක දෙකක් ඇතුළු ඩීවීඩී 8 ක් රජයේ  සැක කටයුතු ලේඛන  පරික්ෂකවරයා වෙත යොමු කර අදාළ වාර්තා කැඳවන ලෙස අධිකරණයෙන් නියෝග නිකුත් විය.