(නිමන්ති රණසිංහ)
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට අලාභයක් සිදුවන ආකාරයට කටයුතු කළැයි කියන සිද්ධියේ තවත් සැකකරුවන් සිටීනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද රහස් පොලිසියට නියෝග කළාය.
අද පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම නඩුවේ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බව සැකකරුවන්ගේ නීතීඥවරු අධිකරණයට දැනුම් දුන්හ. එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය තවත් සැකකරුවන් සිටීනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළාය.

