බැඳුම්කර සැකකරුවන්ට එරෙහිව නියෝග 10 ක්


බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් සැකකරුවන් ලෙස නම් කිරීමෙන් පසු    කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග 10ක් ලබා දුන්නාය.
 
එම නියෝග මෙසේය.
 
01     අර්ජුන් ඇලෝසියස්ට විදේශ ගමන් තහනමක්.
 
02     අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ පැමිණීම පිළිබඳ ආගමන විගමන දෙපාර්තමෙන්තුවට දැනුම් දෙන ලෙස අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට නියෝගයක් නිකුත් කළේය.
 
 
03     පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ප‍්‍රාථමික හා ද්වීතීයක වෙළඳ පොළේ ගනුදෙනු අරබයා ශ්‍රී ලංකා මහා බැංකුවේ  විද්‍යුත් මුදල් හුවමාරූ ගිණුම් දෙකකට මුල්‍ය මණ්ඩලය විසින් පනවා ඇති තහනම ඉවත් නොකරන ලෙසට අධිකරණය මුල්‍ය මණ්ඩලයට නියම කළේය.
 
04     කිසි`දු ප‍්‍රමාදයකින් තොරව බැ`දුම්කර ගනුදෙනුවලට සම්බන්ධ මුලික ලියකියවිලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට නියම කළේය.
 
 
05      පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සතු වත්කම් සහ අරමුදල් කිසි`දු පාර්ශවයකට තෑගි කිරීම, මාරූ කිරීම, ආයෝජනය කිරීම තහනම් කරමින් විශේෂ නියෝගයක්ද නිකුත් කළේය.
 
06      අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට පෙබරවාරී 15 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ අධිකරණය එම නියෝගය සිංගප්පුරූ ජාත්‍යයන්තර පොලීසිය හරහා මහෙන්ද්‍රන් මහතා පදිංචි ස්ථානයට යවන ලෙස නියම කළේය.
 
 
07     පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ප‍්‍රාථමික හා ද්වීතීයක වෙළඳ පොළේ සිදුකළ සෑම බැඳුම්කර ගනුදෙනුවකටම අදාළ විස්තරාත්මක ලියකියවිලි වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට නියම කළේය.
 
08     2015 පෙබරවාරී සිට 2016 මාර්තු දක්වා කාලයේදී බැදුම්කර ගනුදෙනු වලින් ලබාගත් ලාභයෙන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම අත්පත්කරගත් වත්කම් පිළිබද ලැයිස්තුවක් ලබා ගන්නා ලෙසද අධිකරණය නියම කළේය.
 
 
09     බැඳුම්කර කොමිසම විසින් එක්රැස් කරගත් දේවල් (දුරකථන හා පරිගණක) වැඩිදුර මහෙස්ත‍්‍රාත් පරික්‍ෂණ සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස බැදුම්කර කොමිසමේ ලේකම්වරයාට නියම කළේය.
 
10     2015 පෙබරවාරී මස 27 වැනිදා සිට මේ දක්වා සිදුවු සියළු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සම්පුර්ණ වෝහරික වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස අධිකරණය මහා බැංකුවට නියම කළේය.