(ඩයනා උදයංගනී)
බැදුම්කර විවාදයට දින තීරණය කිරීම සඳහා වන පක්‍ෂ නායක රැස්වීමක් හෙට (24) පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන මෙම රැස්වීමේදී බැඳුම්කර වංචාව සෙවීමේ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වෙන දින තීරණය කෙරෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

