බැඳුම්කර විවාදය - පක්ෂ නායක රැස්වීමක්


(සුජිත් හේවාජුලිගේ)

බැඳුම්කර  කොමිසම් වාර්තාව ගැන හදිසි විවාදයක් පවත්වන්නේ ද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හෙට (09) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්වීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ලංකාදීපයට  පැවසීය. 

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පක්ෂ නායක රැස්වීමට ඇගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර් සම්පන්දන්, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

බැඳුම්කර සිද්ධියේ මතු වූ ආන්දෝලනාත්මක තත්ත්වය නිසා හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි එ්කාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂවල නායකයෝ පසුගියදා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළහ.

කථානායකවරයා මේ පිළිබඳ අගමැතිවරයාගේ අවධානයට යොමුකිරීමෙන් පසුව මෙම රැස්වීම පැවැත්වීමට තීරණය කෙරිණ. දින නියම කරගත් පරිදි ඊළඟ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්විමට නියමිතව ඇත්තේ ජනවාරි 23 වැනිදාය.