නිමල කොඩිතුවක්කු
බැඳුම්කර වාර්තාවෙන් වරදකරුවන් වූවන් ඉන් ගැලවීම සඳහා විවිධ උපක‍්‍රමවල නිරත වන බවත් ඒ කිසිවකුටත් ඉන් ගැලවීමට ඉඩක් නොලැබෙන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කදුරට උරුමය පිළිබ`ද අමාත්‍ය එස් බී දිසානායක මහතා අද(01) පැවසීය.
බැදුම්කර වාර්ථාව සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ශේෂ්ඨ ක‍්‍රියාවක් බවත් කවුරු වැරදිකරු වුවත් ඔවුන්ට ජනාධිපතිවරයාගෙන් ගැලවීමක් නොමැති බවත් ඔහු කියා සිටියේය.
ආණ්ඩුවේ කුමන තරාතිරමක් දැරුවද ඔවුන් සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් නීතිය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

