මහබැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු අඩුවී ඇති බවට ඇතැමුන් කෑ ගැසුවද එහි පිටු අඩුවීමක් කිසිසේත් සිදුව නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සිදුව ඇත්තේ පරික්ෂණ කටයුතු නිම වනතුරු රහස්‍යභාවය ආරක්ෂා කළයුතු ඇතැම් අනු ලේඛන පවතින බැවින් නීතිමය කටයුතු යම්තාක් දුරට ඉදිරියට කි‍්‍රයාත්මක වන තුරු එම ලිපි ලේඛනවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට සිදුව තිබීම බව ද ජනාධිපතිවරයා පැවසීය. ඒවා එළිදැක්වීම තුළ චෝදනාවලට ලක්වූවන්ට අයුතු වාසි ලබාගැනීමට හැකියාව පවතින බවද ජනපති පෙන්වා දුන්නේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය සමඟ අද (23) පස්වරුවේ පිටකොටුවේදී පැවති හමුවක් අමතමිනි.

