මනෝප්‍රිය ගුණසේකර
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට යවා ඇතැයි වාර්තා වේ.
බැඳුම්කර ගනුදෙනුව හා එයට අදාළ සිද්ධීන් වලදී අල්ලස් චෝදනාවන් ඉදිරිපත් කළ හැකි සිදුවීම් වී ඇති බවට වාර්තාවේ සඳහන් කර තිබීම නිසා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට ජනාධිපතිවරයා එම වාර්තාවේ පිටපතක් මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට යවා ඇතැයි දැනගන්නට තිබේ.
අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ වන විටත් බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කරමින් සිටින බවත් එම අධ්‍යනය කිරීම් වලින් අනතුරුව මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව තීරණයක් ගන්නා බවත් අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීයෙක් පැවසීය.

