දයාසීලි ලියනගේ
බැඳුම්කර වාර්තාව හෙට(10) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමෙන් පසු ඒ පිළිබඳ විවාදය පැවැත්වීමේ දිනය පිළිබඳව තීරණය කිරීමට අද(9) පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත.
පාර්ලිමේන්තුව හෙට(10) රැස්වුවත් බැඳුම්කර වාර්තාව මෙතෙක් ලැබී නැති නිසා ඒ පිළිබඳ විවාද කරන්නේ කෙසේද යන්න පිළිබඳව පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් විමසා ඇත.
ඒ අනුව බැඳුම්කර වාර්තාව හෙට මන්ත්‍රීවරුන්ට ලබාදීමට කතානායකවරයා නියම කර ඇති අතර වාර්තාව ලබාදීමෙන් පසු එම විවාදය පැවැත්වීම පිළිබඳ තීරණය කරනු ඇතැයි සඳහන් වේ.

