සමර ඒකනායක
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ලබාදී ඇත්තේ මහබැංකුවට, නීතිපති දෙපාර්තමේන්තුවට සහ පාර්ලිමේන්තුවට පමණක් බව ජනාධිපති ලේකම්කාර්යාලය සඳහන් කළ බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
ඒ හැරුණු විට වෙනත් කිසිවෙකුට මෙම වාර්තා ලබා නොදුන් බවද කථානායකවරයා අද(23දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

