(නිමල කොඩිතුවක්කු)
ජනතාවගේ දැන ගැනීම සදහා මහ බැංකු කොමිසමේ වාර්තාව වහාම ප‍්‍රකාශයට පත්කළ යුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා අද(2) පැවසීය.
කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ජනතාව විශාල උනන්දුවක් දක්වන බැවින් එම වාර්තාව මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කිරීමට රජය වහාම පියවර ගත යුතු බවද ඔහු කියා සිටියේය.
බොරුල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙම වාර්තාව රහසක්ව තබා ගැනීමට හෝ චාරිත‍්‍රානුකූලව එළි දැක්වීමට හෝ අවශ්‍යතාවයක් නොමැති බවත් මන්ත‍්‍රිවරයා කීය.
බැදුම්කර වාර්තාව ප‍්‍රකාශයට පත් කළ පසු ජනතාව ඒ සම්බන්ධයෙන් දන්නා වූ තොරතුරුත් සමග එම වාර්තාවේ අඩංගු නිගමනයන් පිළිබඳ අර්ථකතන හා වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදු කරනු ඇති බවද ඒ මහතා පැවසීය.

