ඩයනා උදයංගනී
බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන දිනයේම විවාද කළ නොහැකි බවත්, එය අධ්‍යයනය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට කාලය ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
පිටු 1500ක පමණ වාර්තාවක් වන මෙහි පිටුවක්වත් නොකියවා විවාද කරන්නට ගියහොත් කතා කරන්නට සිදුවන්නේ මාධ්‍ය මගින් වාර්තා කළ කරුණුත් ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයේ කරුණුත් පමණක් පදනම් කරගෙන යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
විවාදය කඩිනම් කර සියලූ කරුණු හෙළිවීම වළක්වන ආකාරයේ වංගු දමන්නට කවුරුන් හෝ උත්සාහ කළහොත් එවැනි එයට ඉඩනොදෙන බවද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (9) පැවති මාධ්‍ය හමුවකදීය. ‘‘බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම විවාදයට ගන්න හදන බව පෙනෙනවා. දැකලවත් නැති වාර්තාව මෙසේ විවාද කරන්නට යාමෙන් අගමැතිවරයා උත්සාහ කරන්නේ ඇතැම් කරුණු යටපත් කිරීමට බව ඇතැමුන් කියනවා නේද?’’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

