ඩයනා උදයංගනී
බැඳුම්කර හා මහා පරිමාණ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද උදෑසන 10.30 ට ආරම්භ වීමට නියමිතය.
විවාදය පස්වරු 4.30ට අවසන් වන අතර පළාත් පාලන මැතිවරණයෙන් පසු තවත් දින දෙකක් මේ පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත .
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණු මන්ත්‍රී වෙනුවට ඒ.එල්.එම්.නසීර් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ලෙස කතානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී සල්මාන් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහා ඔහු දිවුරුම් දුන්නේය.

