බැඳුම්කර වංචාවේ විමර්ශන ගැන වාසුගේ අවිශ්වාසය


(නිමල කොඩිතුවක්කු)

මහබැකුවේ හොරකම පිළිබඳ වගකිවයුතු  ආණ්ඩුවේ පාලකයින් පිළිබඳ සොයා බැලීමට වෙනම කොමිසමක් හෝ පරීක්ෂණ මණ්ඩලයක් අවශ්‍ය බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා අද (8) පැවසීය. 

එම වංචාවට සම්බන්ධ කිසිදු පාලකයකුගෙන් මේ දක්වා ඒ සම්බන්ධයෙන් විමසීමක් හෝ සිදුකර නොමැති බවද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

බොරුල්ල ඇන්. ඇම්  පෙරේරා  කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

පවතින ආණ්ඩුව තිබෙන තාක් මෙම මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදුකරන විමර්ශන පිළිබඳ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවද ඒ මහතා කීවේය.