බැඳුම්කර පරීක්ෂණ යට ගහන්න පාර්ශ්ව තුනක් බලපෑම් කරනවා - මහාචාර්ය විජේසූරිය


(විනීතා එම් ගමගේ)


බැඳුම්කර සිද්ධිය පිළිබඳ පරික්ෂණ කරන ආයතනවලට සිද්ධිය යට ගසන ලෙස පාර්ශව තුනකින් බලපෑම් කරන  බවට ආරංචි ඇතැයි පුරවැසි  බලය සංවිධානයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා ප‍්‍රකාශ කළේය. 


අගමැතිවරයාගේ පාර්ශවයෙන්, ජනපති පාර්ශවයෙන් හා  රාජපක්ෂ පාර්ශවයෙන් ද බලපෑම් කරන බවට ආරංචි වූ බව ද හෙතෙම  කියා සිටියේය.


මහාචාර්යවරයා මේ අදහස් පළ කළේ පුරවැසි බලය සංවිධානය විසින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (10) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වු විජේසූරිය මහතා මෙසේ ද කීය.   


‘‘මේ  සිද්ධිය යටපත් කරන ලෙස තර්ජනය කරනවාලූ, අඩන දොඩනවලූ. එහෙම නම් එතකොට මේ පාර්ශව තුනම වෙස් මුහුණු බැඳ ගෙන නටන්නේ එකම නැටුම නේද? 


මේකේ අවසානයක් තියෙන්න  ඕන. ඒ නිසා සියලු දෙනා බලපෑමක් කරන්න  ඕන ඇත්ත එලි කරන්න කියලා. ’’

(ඡායාරූපය -ලහිරු හර්ෂණ)