බැඳුම්කර නිකුතුව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ


(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීඬණ කොමිසමේ කාලය අද (27) සිට තවත් මාස තුනක් දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දීර්ඝ කොට ඇත.
 
ජනාධිපති පරීඬණ කොමිසමේ කාලය තවත් මාස තුනකට දීර්ඝ කරන්නැයි කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ කාලය මෙලෙස දීර්ඝ කොට ඇත.
 
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීඬණ කොමිසම පත් කොට ඇත.
 
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් මෙම කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස පත් කොට ඇත.
 
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීඬණ කොමිසමේ මෙම කොමිසමේ කටයුතු සිදු කිරීම සඳහා පසුගිය ජනවාරී 27 වැනිදා මාස තුනක කාලයක් සඳහා මෙම කොමිසම පත් කළ අතර එහි කාලය අදින් (27) අවසන් වීමට නියමිතව තිබු අතර කොමිසමින් කළ ඉල්ලීමකට අනුව කොමිසමේ කාලය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කරන ලදී. 

ඒ අනුව ලබන ජුලි 27 වැනිදා දක්වා කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් බලය ලබා දී ඇත.