(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සම්බන්ධ තොරතුරු වෙන්දේසියට පෙර ලබා ගැනීම සඳහා සේවක අර්ථ සාධක අරමුදලේ ගැනුම්කරුවන්ට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 397කට අධික මුදලක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ගෙවා ඇතැයි එම සමාගමේ ප්‍රධාන ගැනුම්කරු වන නුවන් සල්ගාදු නමැත්තා බැඳුම්කර කොමිසම හමුවේ අද (12) හෙළි කළේය.
2014 වසරේ සහ 2015 මාර්තු මාසය දක්වා වු කාලයේදී පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වල තොරතුරු කලින් ලබා ගැනීම සඳාහා සේවක අර්ථ සාධක අරමුදලේ ගැනුම්කරුවන්ට මෙලෙස විශාල අල්ලස් ගෙවා ඇති බව පිළිගත් ඔහු සේවක අර්ථ සාධක අරමුදල හා එහි ගැනුම්කරුවන් ‘චාලි‘ යන අන්වර්ථ නාමයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හැඳින්වු බවද හෙළි කළේය.

