(ඩයනා උදයංගනී,ඡායාරූප - ඉෂාන් සංජිව)
බැඳුම්කර කොමිසමේ වාර්තාවෙහි පිටපතක් තමාට ලබාදෙන්නැයි ඉල්ලා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (8) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූම් පතක් භාරදුන්නේය.
බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයෙන් තමාටද චෝදනා එල්ල වී තිබුණත් එහි කිසිඳු සාධාරණයක් නැති බව මෙම ඉල්ලූම්පත භාරදී පැමිණීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළේය.
එබැවින් ඒ සම්බන්ධව පියවර ගැනීම සඳහා මෙසේ බැඳුම්කර කොමිසමේ වාර්තාවක් ඉල්ලා සිටින බව ඔහු පැවසීය. මහ බැංකුව හෝ වාණිජ බැංකු තිබුණේ තමා යටතේ නොවන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.



