(ඩයනා උදයංගනී)
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවෙහි සහ බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවෙහි ඇතුළත් කරුණු පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලීමක් කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තුව වෙනම කැඳවා හෝ මෙම විවාදය පවත්වන ලෙස නිදහස් පක්‍ෂය ඉල්ලීමක් කර ඇතැයිද මහ ලේකම්වරයා සඳහන් කළේය.
අමරවීර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

