(විනීතා එම් ගමගේ)
බැඳුම්කර වංචාව ගැන පරික්ෂා කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කීරීම සම්බන්ධයෙන් කවර හෝ තැනැත්තෙක් විවේචනය කරන්නේ නම් හෝ දොස් කියන්නේ නම් ඔහු හෝ ඇය මෙම වංචාව හෙළි කිරීමට විරුද්ධ අයකු බව පැහැදිලි යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මොන ආණ්ඩුවකින් කළත් වංචා දූෂණ කළ අයට දඬුවම් දිය යුතුම යැයි ද හෙතෙම කියයි.
මෙසේ ජනතා ඡන්දයෙන් ආ මහජන නියෝජිතයින් සිදු කරන වංචා හෙළි කිරීම නිසා අනාගතයේ පත්වෙන මහජන නියෝජිතයින් මෙවැනි අකටයුතුකම් නොකර ඉඳිනු ඇතැයි ද අමරවීර මහතා කීය.
අමරවීර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (23) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

