(ඩයනා උදයංගනී)
මහබැංකු බැඳුම්කර වංචාව ගැන සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට ඊට වඩා බරපතල සිද්ධියක් වුවත් පරීක්‍ෂා කිරීමට අවශ්‍ය නිපුණතාවය, දැනුම, පසුබිම යන සියල්ල තිබෙන බවත්, ඔවුන්ට විශේෂඥ දැනුමක් නොමැති බව කියන්නේ විෂය පථය ගැන නිසි දැනුමක් නොමැති අය බවත් විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
කෝප් කමිටුවේ සාක්‍ෂි විමසුවේ දේශපාලකයින් වුවත් ජනාධිපති කොමිසමේ සාමාජිකයින් වුණේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් සහ හිටපු විගණකාධිපතිවරයක් බව කී අමාත්‍යවරයා ඔවුන්ට විශේෂඥ දැනුමක් නැතැයි කවුරුන් හෝ කියනවා නම් එය කියන්නට තිබුණේ කොමිසම පත්කළ අවස්ථාවේදී බවද සඳහන් කළේය.
මෙම කොමිසමේ අයට විශේෂඥ දැනුම නැහැ කියා ඇමැතිවරයෙක් කර ඇති ප‍්‍රකාශය අනුව ගතහොත් බැංකුවක සිද්ධියක් පිළිබඳ නඩුවක් ඇසීමට නඩුකාරයා බැංකුවකින් ගෙන්වන්නට සිදුවන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Head - බැඳුම්කර කොමිසම විශේෂඥ දැනුමක් නැති බව කියන්නේ දැනුමක් නැති අයයි

