(අංජුල මහීක වීරරත්න)
බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා රැස්කරන්නැයි කතානායක වරයාට දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොරැල්ල කැම්බල් පිටියේදී එක්සත් ජාතික සම්මේලනයේදී පැවසීය.
විවාදයට පාර්ලිමේන්තුව කැදවීමට හැකියාව තිබේදැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද තමන්ගේන් විමසූ බව කී අග්‍රාමාත්‍යවරයා, තවත් පකෂ නායකයන් කිහිප දෙනෙකු මේ පිළිබඳව කරුණු දක්වා ඇති බව මාධ්‍යයෙන් දුටු බව සඳහන් කළේය.
කොමිෂන් වාර්තාව පෙන්වමින් කතා කරන ඒකාබද්ධ විපක්ෂයටත්, මාධ්‍යටත් යමක් කිව යුතුව තිබෙන බවත්, කොමිෂන් සභා වාර්තාවෙන් හෙලිවන තත්ත්වයට සමාන තත්ත්වයක් 2008 වසරේ සිට සිදු වී ඇති බව කොමිෂන් සභාවේ අදහස බව දැන ගත යුතුව ඇති බවත් අගමැතිවරයා කීය.
සේවක අර්ථසාධක අරමුදල වැඩිපුරම විනාශ වී ඇත්තේ 2018.2015 අතර කාලය තුළ බව කොමිෂන් සභාව සඳහන් කරනවා. අධිකරණ හමුවේ නඩු පවරා මේ මුදල් ගත යුතුව තිබෙනවා. එවැනි දස දහස් ගුණයක් සොරකම් කිරීම පිළිබඳව නිහඬව ඉන්නේ ඇයි?
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට අප සූදානම්. එය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමු. යනුවෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

