(නිමන්ති රණසිංහ)
මහ බැංකුව විසින් බැදුම්කර නිකුත් කිරීමෙන් අක‍්‍රමිකතාවක් සිදුකර රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළව අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් අලෝසියස් ඇතුලු දස දෙනෙකුට එරෙහිව ස්ථීර ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන්නේ කවදාදැයි යන්න නිශ්චිත දිනයක් නීතිපතිවරයාගෙන් විමසා ලබන 19 වැනිදාට පෙර අධිකරණය වෙත දැනුම් දෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (14) පැමිණිල්ලට නියෝග කළාය.
මෙම සිද්ධියේ පස්වැනි සැකකරු වූ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමුහයේ සභාපතිවරයා වන ජෙෆ්රි ජෝෂෆ් ඇලෝෂියස් යන අයගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට විරුද්ධත්වය ප‍්‍රකාශ කරන බව සඳහන් කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණී ගිරියාගම මෙනෙවිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළව පැමිණීල්ල අද (14) අධිකරණය හමුවේ මෝසම් පත‍්‍රයක් ගොනු කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
මෙම පස්වැනි සැකකරු මුල් අවස්ථාවේ සිටම අධිකරණයට පැමිණී අතර, අධිකරණය මග නොහැරී බවත්, අධිකරණයට සහාය පල කළ බවත් සඳහන් කළ මහේස්ත‍්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට තරම් කරුණක් අනාවරණය නොවන බවද සඳහන් කරමින් සැකකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටවනු ලැබුවේ ඊයේ (13) දිනයේදීය.

