බැදුම්කර නඩුවේ ලේඛණ මුද්‍රණයේ


(මනෝප‍්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි ගණනක පාඩු කළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක රටින් පැනගොස් සිටින අර්ජුන් මහෙන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට චෝදනා පත‍්‍ර සමඟ බාරදීමට නියමිත උධෘත හා ලේඛණ මේ වන විට රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරන බව වාර්තාවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව කැඳවු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලටද මේ බව දැනුම් දුන්නාය.

බැඳුම්කර නඩුවල චෝදනා පත‍්‍ර සමඟ විත්තිකරුවන්ට බාරදීමට නියමිත උධෘත හා ලේඛණ විශාල ප‍්‍රමාණයක් ඇති බවත් ඒවායේ පිටු විශාල ප‍්‍රමාණයක් ඇති හෙයින් ඒවා මේ වන විට රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරමින් සිටින බවත් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නාය.