(අජන්ත කුමාර අගලකඩ)
මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩුව ගණනය කිරීම සඳහා වෝහාරික විගණනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත.
ඒ සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව වෝහාරික විගණනය කිරීම සඳහා විශේෂඥයින් පත් කිරීමටත් ඊට අවශ්‍ය මුදල් වෙන් කිරීමටත් මෙම කැබිනට් පත්‍රිකාය මගින් ඉන් සැලසෙන ඇත.
බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩු ගණනය කිරීම සඳහා 2007 වසරේ සිටම වෝහාරික විගණනයක් කළ යුතු බව මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබිණි.

