ගාල්ල වක්වැල්ලේ වාහන සේවා ස්ථානයකින් රාත්‍රී කාලයේ රුපියල් 60,000ක් වටිනා බැටරි නමයක් හොරකම් කළ කණ්ඩායමක් ආරක්ෂිත කැමරා දර්ශනවලින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පෝද්දල පොලීසිය කියයි. ඉරිදා රාත්‍රී 12.00ට පමණ වාහන සේවා ස්ථානය අසළට ත්‍රී රෝද රථයකින් ඔවුහු පැමිණෙති. ඉදිරියට ධාවනය වන ත්‍රී රෝද රිය යළි හරවාගෙන එන්නේ තල්ලුකරගෙන බව දර්ශනවල පැහැදිලිව දක්නට ඇත. දෙදෙනකු සේවා ස්ථානයට ගොස් බැටරි රැගෙන එයි. ඔවුන් අල්ලාගැනීමෙන් පසු සොරකම සිදුකළ ආකාරය සඳුදා රාත්‍රී යළි පුනරූපනය කරවා අවස්ථා දෙක සංසන්දනය කළ බව ද සැකකරුවන්ට අදාල දර්ශන පෙන්වූ බව ද දැනගන්නට ඇත.




