බැඞ්මින්ටන් ශූර නිලූක 52 වැනි ස්ථානයට එයි
ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ශ්‍රේණිගත කිරීමේ 52 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි.
ඒ අනුව මෙම වසරේදී පැවැත්වෙන ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටමේ සිටින ක‍්‍රීඩකයන් 38 දෙනා අතර සිටින නිලූක එම ක‍්‍රීඩකයන් අතරින් 27 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට ද සමත්ව ඇත.
ප‍්‍රසාද ලකුණු 25488 ක් ලබා සිටින නිලූකට ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට යෑමේ අවස්ථාව දැන් වඩාත් හිමිව තිබෙන බවද වාර්තාවේ. ලෝක බැඞ්මින්ටන් සම්මේලන නවතම ශ්‍රේණිගත කිරීමේ ලේඛනය ඊයේ (23) ප‍්‍රකාශයට පත් කෙරිණ.
ඉකුත්දා ඉරානයේ පැවැති ‘ඉරාන් ෆාජ්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම නිසා නිලූකට ලෝක ශ්‍රේණිගත කිරීමේ 63 වැනි ස්ථානයේ සිට 52 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට අවස්ථාව හිමිවිය.
චීනයේ මැකාවෝහිදී පැවැති තෝමස් කුසලාන ලෝක බැඞ්මින්ටන් තරගාවලියට (කණ්ඩායම්) සුදුසුකම් ලැබීමේ ආසියානු තරගාවලියට ද නිලූක සහභාගිවීම නිසා එයින්ද ඔහුට ප‍්‍රසාද ලකුණු ගණනක් හිමිවිය.
නිලූක පවසන්නේ අපේ‍්‍රල් මාසයට පෙර අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලි තුනකට සහභාගිවී ජයග‍්‍රහණ ලබා ලෝක ශ්‍රේණිගත කිරීමේ තවත් ඉදිරියට ඒමේ අපේක්‍ෂාවෙන් පසුවන බවයි. ඔහු ඉදිරියේදී විශේෂ පුහුණු වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතය.

