බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක අවසන් පුර්ව වටයට එයි
උගන්ඩා’හි කම්පාලා නගරයේදී දැන් පැවැත්වෙන ‘උගන්ඩා’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩක නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටියි. අර්ධ අවසන් පුර්ව තරගයේදී ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 76 වැනි ස්ථානයේ සිටින ඊශ‍්‍රායලයේ මිසා සිල්බර්මෑන් පරදවා නිලූක (21/18, 21/16) පහසුවෙන්ම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
නිලූක නිතරගයෙන්ම දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර දෙවැනි වටයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ 119 වැනි ස්ථානයේ සිටි දකුණු අප‍්‍රිකාවේ ජෙකොබ් මලේක් පරාජය කිරීමට නිලූක (21/13, 21/8) සමත්විය.
ජාතික බැඞ්මින්ටන් ශූරයා වන නිලූක ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 69 වැනි ස්ථානයේ සිටියි. අවසන් පුර්ව වටයේදී නිලූක, ලෝක ශ්‍රේණිගත කිරීමේ 68 වැනි ස්ථානයේ සිටින පෘතුගාලයේ පෙඞ්රෝ මාටින්ස් සමග තරග කිරීමට නියමිතව සිටියේය. උගන්ඩා අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව නිලූක තෙවැනි ස්ථානයේ සිටියි.
උගන්ඩා අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව නිලූක තෙවැනි ස්ථානයේ සිටියි.
නිලූක මෙම වසරේදී ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ආසන්නතම කී‍්‍රඩකයකු බවට ද පත්ව සිටියි.

