බැකෝ සමන්ගේ මව වෙඩිතබා ඝාතනය කරයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ, පද්මසිරි ගාර්දියවසම් සහ සුගතපාල දීයගහගේ)

සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නමැත්තාගේ මවට අද (12) සවස වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පැවසීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිද්දෙණිය උල් හිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි එම් ඒ රේණු මල්කාන්ති 57 යන අයයි. නාඳුනන පුද්ගලයෙකු නිවසේ සාලය ඉදිරිපිටටම පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් ඇය බරපතල තුවාල ලබා මිද්දෙණිය රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත