බැකෝ සමන්ගේ බිරිය යළි රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරිඳ වන  සාජිකා ලක්ෂාණී ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කළකොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා  අද නියෝග කළේය.

අසැකකාරියගේ ෆේස්බුක් ,වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කිරීම සඳහා ඊමේල් මුර පද ලබා ගැනීමට සැකකාරියගෙන් බන්ධනාගාරය තුළදී තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසියට අවසර ලබා දෙමින් ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙනන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළේය.

සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ වීද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් ඇයට ඇප ලබා නොදෙන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ඇප ප්‍රතික්ෂේප කරමින් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේය.