
(රෝෂන් තුෂාර)
ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් 13 ක් කොළඹ මහාධිකරණය මගින් අද දිනයේදී තහනම් කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා අද පැවසීය.
සැකකාරිය 2020 වසරේසිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතු වූ තැනැත්තියක් බවට විමර්ශන මගින් කරුණු අනාවරණය වන බවත් ,අදාළ බැංකු ගිණුම්වල මහා පරිමාණ වශයෙන් මුදල් සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් මහත්මිය සඳහන් කළාය.
දෙපර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් සැකකාරිය ලබන 23දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

