ධර්මපාල මාවතේ රතුකුරුස මූලස්ථානය අසල පිහිටි වානිජ බැංකුවක් අද උදේ 7.10 ට විවෘත කරද්දී සේවකයින් 8 දෙනෙක් සහ ආරක්ෂකයින් 4 දෙනෙක් එහි සිට ඇති බවත් කොල්ලකරු ඒ සියලුදෙනා යටත් කරගෙන කොල්ලය සිදුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
බැංකුවේ ආරක්ෂක කැමරා සහ අසල ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂක කැමරා පොලිසිය සෝදිසි කරමින් සිටී.
තනි කොල්ලකරුවෙක් පැමිණ ඇති බවටත් ඔහු හෙල්මටයක් පැළැඳ සිටි බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.








