(මහේෂ් කිර්තිරත්න සහ රවීන්ද්‍ර විරාජ් )
මාතලේ ප්‍රධාන විදියේ රාජ්‍ය බැංකුවක උගසට තැබු රුපියල් කෝටි ගණනක සවර්ණාභරණ ගබඩා කර තිබෙන සෙප්පුව බිදමට තැත්කළ සිද්ධියේ මහ මොළකරුවන කෝටිපති ව්‍යාපාරිකයකු කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.
අත්අඩංගුව ගත් මහ මොළකරු මෙම බැංකු ශාඛාවේ හිටපු කළමණාකරිණියගේ ස්වාමිපුරුෂයා වන කෝටිපති ව්‍යාපාරියකු බවත් පසුගිය 06 දින බැංකුවට ඇතුළුවි ඇති සැකරුවන් 07දා බැංකුවෙන් පිටය යන තෙක්ම සේපුපව කැඩිමට උත්සහ දරා ඇති අතර එය ව්‍යර්ථ වි ඇති බවද මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
බැංකුව ආසන්නයේ තිබු සි.සි.ටි.වි දර්ශන විමර්ශනය කර සැකකටයුතු යතුරුපැදිකරුවෙකු පිළිබඳව සොයා බැලිමේදි මෙම කල්ලියට සමබන්ධ තොරතුරු අනාවරණය වි ඇති අතර සිද්ධියේ මහ මොළකරු බවට හදුනාගෙන ඇති මෙම බැංකුවේ හිටපු කළමණාකාරිණයගේ සැමියා සමඟ දියර කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයක කළමණකාරුවෙකු සහ රියදුරෙකු ද සමඟ බහිරව පුජාවට පැමිණි බව කියන කාන්තාවකද අත්අංඩගුවට ගෙන ඇත.
මෙම කොල්ලය සිදු කිරිමට යොදා ගත් බව කියන කාර් රථය.යතුරු පැදිය.සේප්පුව බිදිමට යොදා ගත් ගෑස් සිල්නඩර්,ග්‍රයින්ඩර්,ඇතුළු උපකරණ රාශියක් පොලිස් භාරයට ගෙන තිබේ.
මහනුවර අලුවතුගොඩ සිව්මහල් නිවසකදි අත්අඩංගුවට ගත් මහ මොළකරු වන කෝටිපති ව්‍යාපාරියා මේ වන විට රුපියල් ලක්ෂ ගණනක ණයකරුවෙකු බවට පත්න ඇති බවද පොලිසිය කියයි.
බැංකු ශාඛාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී හා බැංකුවේ හදිසි කැදවුම් සිනුවද ක්‍රියාත්මක නොවිමද පොලිසියේ සැකයට හේතුවි ඇත.
සැකකරුවන් අද 14 මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.