බැංකු සහ තැපැල් කාර්යාල විවෘත කරන්නැයි උපදෙස්


(යොහාන් භාසුර)

රාජ්‍ය විශ්‍රාමිකයන්ගේ ජූනි මස විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා බැංකු සහ තැපැල් කාර්යාල විවෘත කරන ලෙස රජය උපදෙස් දී තිබේ.

මෙම මස විශ්‍රාම වැටුප 10 වැනිදා මුදාහරින බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා අදාල විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසුවේ 10 වැනිදා විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල ලිපිලේඛණ සියල්ල සකස් කර අවසන් කර ඇති බවයි.

ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීරණයෙන් විශ්‍රාම වැටුප් ලාභීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබුණි.

සමස්ත විශ්‍රාම වැටුප් ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 661,300 කට අධික සංඛ්‍යාවක් රුපියල් කෝටි 2000 කට අධික මුදලක් ප්‍රතිලාභ ලෙස ලබන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කියයි.