ලංකා බැංකු සේවක සංගමයේ හිටපු සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය කටයුතු වැළක්වමින් ගල්කිස්ස දිසා අධිකරණයෙන් දුන් වාරණය අත්හිටුවන ලෙස ගොනු කළ පෙත්සමක් ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රතික්ෂේප කළේය.
2012 ඔක්තෝබර් 5 වැනි දින පැවැති ලංකා බැංකු සේවක සංගමයේ නිලවරණයෙන් නව නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටුමකින් අනතුරුව නව සභාපති ඒ කේ බණ්ඩාර මහතා විසින් වාරණ නියෝගයක් ඉල්ලා තිබුණු අතර එම වාරණය ලබා දීමෙන් අනතුරුව පැරණි නිලධාරී මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් 12 දෙනා මෙම පෙත්මස ගොනු කළහ.

