බැංකු ණය සහන නොලැබුණු අයට ඒ ගැන කියන්න අංකයක්


(සුජිත් හේවාජුලිගේ)

බැංකුවලින් ණය සහන නොලැබුණු ගනුදෙනුකරුවන්ට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

011-2477966 එම දුරකතන අංකයයි.

මේ දුරකථනය අංකය අමතා සිය පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සහ බැංකු නොවන මූල්‍යායතන අංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ් 19 තෙවැනිව රැල්ල සමග විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභි වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට මෙයට පෙර දැනුම් දී තිබිණ.