හංවැල්ල කහහේනේ බැංකුවකින් ඉකුත් 10 වැනි දා රුපියල් ලක්ෂ 26ක් කොල්ල කෑ සිවු දෙනා අතර සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු ගිරාඳුරුකෝට්ටේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කොල්ල කෑ මුදලින් රුපියල් හැත්තෑ දහසක් පමණ ඔහු අත තිබී පොලිසි බාරයට ගෙන ඇත. මෙම කොල්ලයෙන් ඔහුට රුපියල් දෙලක්ෂ දහ දහක් ලැබී ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත. මෙම කොල්ලය සිදු කර පැන යද්දී යතුරු පැදිය පදාවා ඇත්තේ මෙම සැකකරු බවත් කොල්ලයට අනුබල දුන් තවත් දෙදෙනකුද පොලිස් බාරයට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.

