බැංකු කොල්ලයට ආ සැකකරුට වෙඩි


(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා,ඡායාරුප සිරිනිහාල් ගමගේ)

අහංගම රජයේ බැංකුවක් කොල්ලකෑමට අද(19) දහවල් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකුගෙන් එක් අයකු බැංකුවේ ආරක්ෂකයන් විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අහංගම පොලීසිය කියයි.

සැකකරු ළඟ ජීව අත් බෝම්බයක් තිබී හමුවු බවද පොලීසිය පවසයි.

මෙම සිද්ධියේදී බැංකුවට ඇතුළු වු සැකකරුවන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් බැංකුවේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් එක් අයකුට පහර දි ඇති අතර මේ අවස්ථාවේදී අනෙක් ආරක්ෂක නිලධාරියා මංකොල්ලකරුට තම අත තිබූ ගිනි අවියෙන් වෙඩි තබා ඇත.

වෙඩි පහර කෑ මංකොල්ලකරු සහ අනෙක් සැකකරු බැංකුව පිටුපස කැලයට දිවගොස් ඇත. එහිදී අහංගම පොලිසියට සිද්ධිය සැලවි ඇති අතර පොලීසිය පැමිණ කළ පරික්ෂාවේදි වෙඩි වැදි සිටි සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

 

ඡායාරුප - අමල් වික්‍රමරත්න