බන්ධනාගාර පරිශ්‍රයට බාහිර පුද්ගලයන්ගේ පැමිණීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් රට පුරා පවතින තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බන්ධනාගාර කොමසාරිස් (පරිපාලන) බන්දුල ජයසිංහ මහතා පැවසුවේ සති දෙකක් යනතුරු මෙම තීරණය බලපැවැත්වෙන බවයි.

