බාලාංශ වැඩ හොයන්න වෙනම අංශයක්


පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ අසාධාරණ ක්‍රියා පිළිබඳ පැමිණිලි සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ ඒකකයක් ආරම්භ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ කවුළු හයක් විවෘත කර ඇති අතර මාර්තු මස 6 වැනිදා දක්වා සතියේ රාජකාරී දිනවල කාර්යාලීය වේලාවන් තුළදී මෙම කවුළු විවෘතව තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

එම කාලයේ ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශනයක් සිදුකර සුදුසු විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව එම අමාත්‍යංශය පවසයි.