(ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
හය හැවිරිදි දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ විසි දෙහැවිරිදි තරුණයකු අක්මිමන පොලිසිය මගින් ඊයේ (23) රාත්‍රී 11.30ට පමණ වළහන්දුව වත්තේ දී අත්අඩංගුවට ගත්බව අක්මීමන පොලිසිය කියයි
සැකකරු දැරිය පදිංචි නිවස අසල පදිංචි අසල්වැසියකු වන අතර ඔහු කොළඹ නගරයේ මුද්‍රණ කර්මාන්තය ආශ්‍රිතව රැකියාවක් කරන අයෙකි. මාසයකට වරක් මොහු ගමට පැමිණෙන අතර එහිදි මෙම දැරිවිය අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය පවසයි.
මෙම දැරිවියගේ මව දළු කැඩීමට යන අතර පියා ඇය හැරගොස් ඇති බවද පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
දැරිවියට ටෝපි ලොසින්ජ්ර් ආදිය ලබා දී ඇය රවටාගෙන අපයෝජනයට ලක්කර ඇති බවද පොලිසිය කියයි. දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කර ඇති අතර අක්මීමන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.