(ජේ.කේ.එල් චාමින්ද)
බාලවයස්කාර දැරියක් (15) රැගෙන ගොස් එම දැරිය අපයෝජනයට ලක්කර ඇයත් සමඟ තල්ගස්යාය ප්‍රදේශයේ නිවසක සිටියදී එම දැරියගේ පෙම්වතා හා දැරිය පොද්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම දැරිය හපුගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මීට දින තුනකට පමණ ඉහත දී බාලවයස්කාර දැරිය 21 හැවිරිදි වියේ පසුවු පෙම්වතා සමඟ නිවසින් පිටව ගොස් තල්ගස්යාය ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇත. මේ පිළිබඳ දැරියගේ මව පොද්දල පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව පොද්දල පොලිසිය විසින් දැරිය හා සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත. දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවද පොලිසිය කියයි.
මොවුන් සිටි නිවස පිළිබඳ ස්ථානීය පරික්ෂණයක් කිරිමට ද නියමිතව ඇති අතර පොද්දල පොලිස් ස්ථානාධිපති නාලක මාගෙදර උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් පරික්ෂිකා රෝෂාණි මහත්මිය ඇතුළු නිලධාරින් විසින් පරික්ෂණ පවත්වයි.