බාලවයස්කාර දරුවා අපයෝජනය කළ අය අත්අඩංගුවට



 
චන්දන ප‍්‍රනාන්දු                                             
                        
දන්කොටුව පිටාගාර ප‍්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ 61 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 
                                                                                                
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කරන මුරකරුවෙකි. 
                                                                                                          
නිවසට පැමිණි අසල්වැසි අයෙක් නිවසේ සිටි තම පාසල් යන වයසේ පසුවන පිරිමි දරුවාට අපයෝජනයක් කිරිම සම්බන්ධයෙන් දරුවාගේ මාපියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල විමර්ශනයෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
                                                                   
සැකකරු විවාහයෙක් බවත් රාත‍්‍රී කාලයේ දී දන්කොටුව නගරයේ පිහිටි ආයතනයක මුරකරුවෙකු ලෙස සේවය කරන අයෙකු ලෙස හඳුනාගත් බවත් පොලිසිය කීය.
                                                                                               
ඉකුත් 17 වැනි දා සැකකරු පිරිමි දරුවාට බරපතල ලිංගික අපයෝජනයක් කර එය කිසිවෙකුට නොපවසන ලෙස තර්ජනය කර පලා ගොස් ඇති බවත් මාපියන් වැඩ නිම වී නිවසට ආ පසු තමන්ට වු කරදරය පිළිබඳව මාපියන් දැනුවත් කිරිම මත මෙම සැකකරුව අත් අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය පවසයි.