ජුඩ් සමන්ත
වයස අවුරුදු 12 යි මාස 6 ක් වන පාසල් සිසුවියකට අතවර කළ බව කියන 20 හැවිරිදි තරුණයකුව අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි.
අතවරයට පත්ව ඇත්තේ පුත්තලම - මානාවේරිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.
අතවරයට පත්ව ඇති දැරිවිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇත. පසුගිය 29 වැනි දා දැරිවියගේ නිවසට සැකකරු පැමිණ කථා බහ කරමින් සිට පසුව දෙදෙනාම නිවස ආසන්නයේ ඇති සෙල්ලන්කන්දල් රක්ෂිතයට ගොස් ඇති බවත් එහිදී ඔවුන් අඹු - සැමි ඇසුරක් පවත්වා ඇති බවත් මූලික විමර්ශන වලදී හෙළි වී ඇත.
තමන් මුහුණ දුන් අත්දැකීම දැරිවිය ඇයගේ ගමේ තවත් අයෙකු හා පවසා ඇත. ඉන් පසුව මේ බව ගම්වාසීන් දැන ගෙන දැරිවියගේ මවට ඒ සම්බන්ධයෙන් පවසා ඇත. නමුත් මව කිසිදු පියවරක් ගැනීමට කටයුතු කර නැත. ඒ අනුව ගම්වාසීන් විසින් මේ බව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනිය වෙත දැනුම් දීමට කටයුතු කර ඇත.
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනිය මව සහ දැරිවිය ඇයගේ කාර්යාලයට කැඳවා තොරතුරු ලබා ගැනීමෙන් පසුව සිද්ධිය පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව විමර්ශන කටයුතු සිදුකර ඇති පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. අදාළ දැරිය වෛද්‍යය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.