
(නිශාන්ත කුමාර)
මීගහකිවුල කරමැටිය පරණ මහියංගන පාර ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියක් අපහරණය කළ බව කියන තරුණයෙකු මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුනාදාස මහතා අද (21) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කන්දකැටිය කදපොත්තාව පදිංචි වයස අවුරුදු 27 ක තරුණයෙකි.
දැරියගේ දෙමාපියන් විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන අද (21) දහවල් බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

