බාල පෙට‍්‍රල් ආනයනය. පාඩුව ගෙන්වූ අයගෙන්. වාහන හිමියන්ටත් වන්දි.


බාල පෙට‍්‍රල් මෙට්රික් ටොන් 2000 ක් මිලදී ගැනීමේදී අනුමත කි‍්‍රයා පටිපාටියෙන් බැහැර වී ඇතැයි ද එම පෙට‍්‍රල් පාව්ච්චි කිරීමෙන් වාහන වලට සිදු වූ හානි වෙනුවෙන් වන්දි ගෙවිය යුතු යැයි ද මේ ගනුදෙනුවෙන් සංස්ථාවට වූ පාඩුවට වගකිව යුත්තන්ගෙන් අයකරගත යුතුයැයිද ති‍්‍රපුද්ගල කමිටුවක් ඛනිජ තෙල් ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතාට නිර්දේශ කරයි. එච්.එම්.පි.ප‍්‍රනාන්දු (සභාපති) ඊ.එම්.පියසේන හා එස්.එම්.සී.පී.සමරකෝන් කමිටු සාමාජිකයෝය.